ශ්‍රී ලංකාවේ පැරණිම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල කඩා වැටේ

දෙසැ 08, 2019

    ගාල්ල කොටුව ශ්‍රී ලංකාවේ පැරණි ම තැපැල් කාර්යාලය පිහිටි ඕලන්ද ගොඩනැගිල්ල කඩා වැටේ.

    වර්ෂ 1815 දී පමණ ගාල්ල කොටුවේ පිහිටුවා තිබූ මෙම තැපැල් කාර්යාලය ඊයේ (07) රාත්‍රී 8:30ට පමණ කඩා වැටී තිබේ. ශ්‍රී ලංකාවේ මුල්ම තැපැල් කාර්යාලය ලෙස සැලකෙන මෙය ඉංග්‍රීසි යටත් විජිත සමයේ ඉදිකර ඇත.

    ගාල්ල කොටුවේ පිහිටි මෙම ඕලන්ද ගොඩනැගිල්ල මීට මාස කිහිපයක සිට වරින් වර කොටස් කඩා වැටුනු බව අප වාර්තාකරු සඳහන් කරයි. ඊයේ දින කඩා වැටුනු විශාල බිත්ති කිහිපය නිසා ගොඩනැගිල්ලේ වහල, ජනෙල් හා දොරටු කිහිපයකට සම්පූර්ණයෙන් අලාභහානි වී ඇත.

    මේ සුන්බුන් වැටීම නිසා “රැජින වීදියේ” හරස් මාර්ගයක් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ. ගාල්ල කොටුවේ නිවැසියන් පෙන්වා දෙන්නේ පසුගිය වසර කිහිපය පුරාම මෙම පෞරාණික ඕලන්ද ගොඩනැගිල්ල සංරක්ෂණය සඳහා අදාළ ආයතන කිසිම උනන්දුවක් නොවුනු බවයි. දහවල් කාලයේ මෙය සිදුවුනි නම් විශාල ජීවිත හා දේපල හානියක්ද සිදුවීමට තිබූ අතර ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ ලෝක උරුමයක් වන ගාල්ල කොටුව රැකගැනීමට කටයුතු කරන ලෙසයි.

    Latest News