13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ කණ්ඩායම දිවයිනට

දෙසැ 08, 2019

    නේපාලයේ කත්මණ්ඩු හා ෆොකාරා යන නගරවල දී පැවැති 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ කණ්ඩායම අද (08) අළුයම 4.30 කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියේය.

    ඔවුන් ඉතා උණුුසුම් අන්දමින් පිළිගැනිමට ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය කටයුතු යොදා තිබුනි.

    ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය වෙනුවෙන් එහි සභාපති කංචන ජයරත්න මහතා, ප්‍රධාන ලේකම් චමින්ද පුංචිහේවා මහතා ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් මෙම පිළිගැනීමේ අවස්ථාවට එක්ව සිටියහ.

    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් ක්‍රීඩා ඉසව්වක් සදහා ක්‍රීඩකයින් 29 ක් සහභාගි වී ඉන් 27 ක් පදක්කම් ශුරතා දිනාගත් ප්‍රථම අවස්ථාව ද මෙය ලෙස ඉතිහාස ගත වේ. මෙය ශ්‍රී ලංකාවේ ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ සාර්ථකත්වය පිළිබද කදිම නිදසුනකි. පිරිමි හා කාන්තා කේවල, යුගල හා කණ්ඩායම් යන අංශ වලින් ෆින් (Fin), ෆලයි (Fly), ෆෙදර් (Feather) ලයිග්ට් (Light), වෙල්ටර්(Welter), හේවි (Heavy), මිඩ්ල් (Middle) සහ බැන්ටන් (Bantam) යන බර පංති අනුකාණ්ඩ යටතේ තරගාවලියට ඉදිරිපත් වෙමින් මෙම පිරිස පදක්කම් 27 ක් දිනා ගන්නා ලදි.

    මෙම පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව අදහස් දැක් වූ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා...

    “ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ කණ්ඩායම අද ජාත්‍යන්තර තලයට පත්වෙලා රටට විශාල කීර්තියක් ලබාදෙමින් මව්බිමට පැමිණි මේ අවස්ථාවේ අපි ඉතා සන්තෝෂයට පත් වෙනවා. ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය හැටියට අපේ ගෞරවනීය ස්තූතිය සහ සුබ පැතුම් එක් කරනවා. ටයිකොන්ඩෝ ක්‍රීඩාව නියෝජනය කරමින් අප රටෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 29 ක් සහභාගි වුණා. එම කණ්ඩායමෙන් පදක්කම් 27 ක් අප රටට රැගෙන එන්න හැකියාව ලැබුනා. පසුගිය කාලයේ අවම පහසුකම් යටතේ පුහුණුවීම් කටයුතු කරන්න සිදු වුණත් ක්‍රීඩා අමාත්‍යාංශයත්, ඔලිම්පික් කමිටුවත්, කොරියානු තානාපති තුමා, අපේ ප්‍රධාන පුහුණුකරු කොරියාවේ කිසූලි මහතා අපට විශාල සහයෝගයක් ලබාදුන්නා. ඉතිහාසයේ ලබාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලබාගනිමින් අද ඉතාම හොද තැනකට ලංකාවේ මෙම ක්‍රීඩාව පැමිණ තිබෙනවා. අනාගතයේ මෙම ක්‍රීඩාව මීටත් වඩා ඉහළට ඔසවා තබමින් ජාතික හා ජාත්‍යන්තර තලයේ ඉහළට ගෙන යන්නට ලබාදිය හැකි උපරිය ශක්තිය ලබාදෙන ලබාදෙනවා.”

    කණ්ඩායම් නායක චාලිත සම්පත් ලියනගේ ක්‍රිඩකයා ...

    “මෙම තරගයට ක්‍රිඩකයින් 29 ක් සහභාගි වුණා. එම ක්‍රීඩකයින්ගෙන් රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 07 ක්, ලෝකඩ පදක්කම් 16 දිනා ගැනීමට හැකි වුණා. අපි මාස 05 ක කාලයක් පුහුණුවීම් කටයුතු කළා. එහි ප්‍රතිඵල අද අපිට ලබාගන්න හැකි වුණා. දකුණු ආසියාතික රටවලින් වැඩිම ටයිකොන්ඩෝ පදක්කම් අපට දිනා ගැනීමට හැකි වුණා. ක්‍රීඩා අමාත්‍යාංශයට හා ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයට ලබාදුන් සහයෝගයට ස්තූතිය පුද කරනවා.” යනුවෙන් පැවැසීය.

    Latest News