වැස්සත් සමඟ ඩෙංගු රෝගයේ වර්ධනයක්

දෙසැ 13, 2019

    පැවති වැසි සහිත කාලගුණික තත්වය සමඟ ඩෙංගු රෝගයේ වර්ධනය වීමක් දැකගත හැකියි.

    දිස්ත්‍රික්ක කිහිපයක සීග්‍රයෙන් ඩෙංගු රෝගය පැතිර යමින් පවතී. කොළඹ, ගම්පහ, මහනුවර, මාතලේ, රත්නපුර, යාපනය, ත්‍රිකුණාමලය හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා විය. වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ, යාපනය, ත්‍රිකුණාමලය හ මඩකලපුව යන දිස්ත්‍රික්කවලයි.

    එහිදී අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ අරුණ ජයසේකර මහතා...

    “මේ දිනවල ඩෙංගු පැතිරෙමින් තිබෙන නිසා උණ තියෙනවානම් ඇඟපත වේදනාව, හිසරදය, සමේ ලප, වේදනාව මේ වගේ රෝග ලක්‍ෂණ තිබෙනවා නම්, වහාම ප්‍රතිකාර සඳහා යොමුවෙන්න. සියලු දෙනාගෙන්ම මේ වෙලාවේ ඉල්ලා සිටිනවා විශේෂ අවධානය යොමු කරලා තමන්ගේ නිවාස අවට පරිසරය මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන්නැයි“ අරුණ ජයසේකර මහතා පැවසීය.

    Latest News