විග්නේෂ්වරන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

දෙසැ 15, 2019

    උතුර පළාත් හිටපු ප්‍රධාන ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් නව සිංහලේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා අද (15) පොලිස් මූලස්ථානයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර ඇත.

    නව සිංහලේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා පැමිණීල්ල සිදු කර ඇත්තේ සී.වී. විග්නේෂ්වරන් මහතා ජාතීන් අතර අසමගිය ඇති කරන බව පවසමින්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් බව අපරාධ පරීක්‍ෂණ දොපර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

    ඉකුත් සතියේ ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස අර්ථ ගැන්වීමට කිසිදු පුද්ගලයෙකුට අයිතියක් නොමැති බවට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බවත්, විටින් විට ජාතීන් අතර අසමගිය ඇති වන ප්‍රකාශ ඔහු ප්‍රකාශ කළ බව කියමින් මෙම පැමිණීල්ල සිදු කර ඇති බව රහස් පොලිසියේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

    Latest News