ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරීනිය පැහැර ගැනීම- ඩිලාන්ගෙන් යෝජනාවක්

දෙසැ 17, 2019

    ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරීනිය පැහැර ගැනීමේ සිද්ධියට අදාල සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක කළ යුතුබව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

    අද (17) නෙළුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    ස්විස් තානාපති කාර්යාල නාටකය නිර්මාණය කළ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක විය යුතු ඩිලාන් පෙරේරා මහතා පැවසීය. ඔවුන්ගේ තරා තිරම කුමක් වුවද නීතිය එක සමානව ක්‍රියාත්මක විය යුතු බව ඔහු එහිදි අවධාරනය කළේය.

     

    Latest News