එමෙන්ම මහවැලි ගංඟාවේ ද ජල මට්ටම වැඩිවෙමින් පවතින බැවින් වැලිකන්ද, කින්නියා, මුත්තූර්, සේරුවිල, කන්තලේ, ලංකාපුර, මැදිරිගිරිය, තමන්කඩුව සහ දිඹුලාගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල ජනතාවට ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී ඇත. පවතින අයහපත් කාලගුණ තත්වය පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නිකුත් කරන නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන්නැයි ඉල්ලා සිටී.