සුදු ඇන්ඳට හැමෝම බෞද්ධයන් හෝ සිංහලයන් නොවෙයි - පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි (වීඩියෝ)

දෙසැ 23, 2019
  • සුදු ඇඳගෙන ආවට හැමෝම බෞද්ධයන් හෝ සිංහලයන් නොවන බව සිහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසයි.

    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා බෞද්ධ නායකයෙක් ලෙස සමහරු පෙන්වා දුන්නත් එය එසේ නොවන බවත් ඊට හේතුව ඔහු පසුගිය සමයේ බෞද්ධයන් වෙනුවෙන් පෙනී නොසිටිය බවත් සුදත්ත හිමියන් වැඩිදුරටත් කියා සිටියේය.

    පූජ්‍ය සුදත්ත හිමියන් මේ බව ප්‍රකාශ කළේ අද උදෑසන නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදීය.

    එහිදී අදහස් දැක්වූ පූජ්‍ය සුදත්ත හිමියන්...

    “සමහර අය කියනව පාඨලී බෞද්ධ නායකයෙක් කියල.. ඒත් එහෙම නෑ.. පාඨලී චම්පික රනවක පසුගිය සමයේ බෞද්ධ අය වෙනුවෙන් පෙනී සිටියේ නෑ.. ඒකට උදාහරණයක් තමයි ගුරුකන්ද හාමුදුරුවන්ගෙ ආදාහනය අවස්තාවෙ පෙනී හිටියෙ නෑ.. ගලගොඩඅත්තෙ හාමුදුරුවො වෙනුවෙන් පෙනී හිටියෙ නෑ. පාඨලී ඒකාලෙ නැගෙනහිර පලාතෙ දැවැන්ත විදිහට බෞද්ධ පුරාවස්තු විනාස කරනකොට කතා කලේ නෑ.. විපත්තු කපනකොට පාඨලී බදුරදීන් එක්ක හිටිය මිසක් ඒ වෙනුවෙන් කතා කලේ නෑ.. පසුගිය කාලෙ පාඨලී හිටියෙ බෙදුම්වාදී කඳවුරේ.. ඒ නිසා සුදු ඇදගෙන ආවට හැමෝම බෞද්ධයොත් නෙමේ.. සිංහලයොත් නෙමෙයි.. යැයි සඳහන් කළේය.

    Latest News