2015 වසරේ පෙබරවාරි මස මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළ නඩුවේ මේ වන විට විදේශ ගතව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට අවසර දෙන ලෙස නීතිපතිවරයා අද කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කළේය.
අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පිටුවහල් කිරීමට කළ ඉල්ලීම එරට නීතිපති දෙපාර්තමේන්තුව සළකා බැලීම ආරම්භ කර තිබේ.
අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලිපිලේඛනවලට ජනපති අත්සන් තබයි.