2022 දෙවැනි භාගයේ මේ දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය සියයට 70ක් දක්වා වැඩිවිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

මූල්‍ය සේවා සපයන ආයතනය සම්බන්ධයෙන් පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සිදු කරනු ලබන විමසීම් සඳහා 1935 දරන ක්ෂණික දුරකතන අංකය හඳුන්වා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ, මුදල් මණ්ඩලයේ නව සාමාජිකයන් ලෙස ආචාර්ය රානි ජයමහ සහ සමන්ත කුමාරසිංහ යන මහත්ම මහත්මීන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව තීරණය කර තිබේ. මුදල් මණ්ඩලයේ, පුරප්පාඩු සදහා එම නම් යෝජනා කරනු ලැබුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්.

Latest News