ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණිය ශක්තිමත් කිරීම සඳහා නව බස් රථ 2,000ක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අලුත් අවුරුද්දෙන් පසුව ඈත ගම්වල සිට කොළඹට පැමිණෙන මගී ජනතාව සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මකයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි නගරයට පැමිණිම සඳහා අද(16) සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරයි.

සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංගම යෙදවූ බස් රථවලින් පසුගිය 11 වැනි දා වන විට රුපියල් මිලියන 100කට අධික වාර්තා ගත ආදායමක් උපයා ඇති බව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ ප්‍රධාන කළමනාකාර චන්ද්‍රා කිත්සිරි මහතා පවසයි.

එළඹෙන උත්සව සමය ඉලක්ක කර ලබන 20 වැනිදා සිට විශේෂ බස්රථ සේවා ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් සේවාවල ගාස්තු ද සියයට 02 කින් අඩු කිරීමට තීරණය කර තිබේ.

Latest News