පුත්තලම  නගරයේ  නිවසක ලී අල්මාරියක ඉතා සූක්ෂම අයුරින් සගවා  බෙදා හැරීමට සුදානම් වූ බ්‍රවන් ෂුගර් වර්ගයේ හෙරෝයින් මත් කුඩු තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලයේ  කොට්ඨාශ විෂ මත් ද්‍රව්‍ය ඒකකය පවසයි.

ඇදිරි නිතිය ඉවත් කිරිමෙන් පසු හැටන් නගරයේ මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

හොරොයින් කිලෝග්‍රෑම් 260ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 56ක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය යාත්‍රාවක් සමග ඉරාන ජාතිකයින් බවට සැක කරන පුද්ගලයින් 7 දෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සපුගස්කන්ද,ඔබවත්ත ප්‍රදේශයේ දී අයිස් ග්‍රෑම් 961යි මිලිග්‍රෑම් 60ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු මුහුදේ දී නාවික හමුදා හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාරයට ගැනුණු මත්ද්‍රව්‍ය තොගය හා යාත්‍රා අද උදෑසන දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ලැබීය. ඒ දින 25ක පුළුල් සාගර මෙහෙයුමකින් අනතුරුවයි.

කටුනායක,18 කණුව ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 9 මිලිග්‍රෑම් 980ක් සමග සැකකරුවෙක් අත්අඩංගුටව ගෙන තිබේ.

දුම්කොළ මිශ්‍ර මාවා නමැති මත්ද්‍රව්‍ය කිලෝ 4කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනිණ.

හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් කර විකිණීමේ ජාවාරමක නිරත වූ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් හය දෙනෙක් පිළියන්දල,දැල්තර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

දඹුල්ල සහ ඒ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු නව දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනිණ.

ශ්‍රි පාද වන්දනාවේ හැටන් මාර්ගය ඔස්සේ පැමිණි 100 ආසන්න පිරිසක් ගත වූ මාස තුල සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව හැටන් පොලිස් අධිකාරිවරයා පවසයි.

Latest News