රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති තොගයක් අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ පොලිස් ඒකකය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට පත් හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 150ක් වන බව නාවික හමුදාව පවසයි.

දෙමටගොඩ, ඔරියන්ටල් නිවාස සංකීර්ණය ඉදිරිපිටදී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් හොරෙයින් මත්කුඩු තොගයක් සමග කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

රුපියල් හාර කෝටියක් වටිනා විදේශීය මත්ද්‍රව්‍ය තොගයක් ඊයේ රේගුව බාරයට ගෙන තිබේ.

හෙරොයින් කිලෝග්‍රෑම් 52ක් සමග අත්අඩංගුවට ගත් කළුතර දකුණ පොලීසියට අනියුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 2යි ග්‍රෑම් 29ක්‌ සූක්ෂම ලෙස සඟවාගෙන මෙරටට පැමිණි දකුණු අප්‍රිකානු ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඇතැම් මාර්ගවල පෞද්ගලික බස් රියදුරන්ගෙන් 80%ක් බස් රථ ධාවනයේ යෙදෙන්නේ,මත්ද්‍රව්‍ය භාවිත කර බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

රුපියල් ලක්ෂ 70කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.

රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සඟවා තිබිය දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබේ.

මොනරාගල, සියඹලාණ්ඩුව ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 220ක් සමග එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News