දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙක් වන රණවකගේ ධම්මික නුවන් රණවක හෙවත් වැලිහිඳ කලූ වැලිගම - දෙණිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මත්පෙති 18,900ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර උතුර,වස්කඩුව ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමෙන් සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

විෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මහජනතාවගෙන් තොරතුරු ලබා ගැනීම සදහා 1997 කෙටි දුරකථන අංකය විවෘතව පවතින බව පොලිස් මූලස්ථානය මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන මොහොමඞ් ෆාරූස් හෙවත් ෆායිස් පිච්චේ අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සති දෙක තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගිණුම් හරහා රුපියල් කෝටි 220ක මුදල් සංසරණය වී ඇති බවට හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.

හෙරොයින් මත්ද්‍රව්‍ය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අඹුසැමි යුවලක් පිළියන්දල, පැලැන්වත්ත ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ - කොටුව ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ දී හොරොයින් හා මත්පෙති තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

හොරණ, මිරිහාන හා බොරලැස්ගමුව කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයින් හය දෙනෙකුක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ මත්පෙති තොගයක් සමග සැකකරුවෙක් ගල්කිස්ස පොලීසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Latest News