2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

‍‍එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට, මහජන එක්සත් පෙරමුණ ඒකමතිකව තීරණය කර තිබෙනවා.

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.
ජනාධිපතිවරණය සඳහා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද උදේ ඇප තැන්පත් කරනු ලැබුවා.

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා මෙතෙක් සිව් දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇති බව ජාතික මැතිවරණ කොමිසම පවසනවා.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වනවා.

ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් මෙසේය.

a

 

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
මේ මස අවසන් වීමට පෙර, ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ නිවේදනය නිකුත් කරන බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති , ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා.
ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

Latest News