නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණියේය.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (17) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණ තිබේ.

දෙහිවල මිහිඳු මාවතේ පිහිටි යෝෂිත රාජපක්ෂ මහතාට අයත් දේපළ සම්බන්ධව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් ගොනුකර ඇති නඩුව අද ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ විභාග කෙරිණ. යෝෂිත රාජපක්ෂ මහතා හා ඔහුගේ මිත්තනිය ඩේසි ෆොරස්ට් මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියේය.

චමින්ද අතලුවගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඉකුත් නඩු දිනයේ නිකුත් කළ නියෝග ප්‍රකාරව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හේතු දක්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.

Latest News