කොළඹ දිස්ත්‍රික්කයේ, මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් සඳහා නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරන බව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (17) අම්පාර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටී.

නාගරික සහ ග්‍රාමීය ජනතා අවශ්‍යඉතා ඉටුවන අයුරින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශීය ඉංජිනේරුවරුන්ට ඇරයුම් කරයි.

දීර්ඝ කාලයක සිට සිදුකළ අත්‍යවශ්‍ය නොවන ආනයන දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ ඇති සීමා කර ඇති බැවින් ක්ෂේත්‍ර රැසක නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව උදා වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

COVID-19 වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ක්‍රමෝපායක් සැකසීම සම්බන්ධව ඉන්දීය අගමැති මෝදිගේ ප්‍රකාශයට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිචාර දක්වයි.

කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ශක්තිමත් ක්‍රමෝපායක් සැකසීමට දකුණු ආසියාතික රටවල නායකත්වය එක්විය යුතු බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි twitter ඔස්සේ අදහස් දක්වා තිබිණි.

ඊට පිලිතුරු ලෙස ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කළේ එවැනි සංවාදයක් සඳහා එක්වීමට ශ්‍රී ලංකාව සූදානම්ව සිටින බවයි. තමන් සතුව ඇති දැනුම සහ යහභාවිත බෙදා ගැනීමටත් සාක් සංවිධානයේ සාමාජික අනිකුත් රටවලින් ඉගෙන ගැනීමටත් හුවමාරු කර ගැනීමටත් එමගින් අවස්ථාවක් සැලසෙන බව එම පණිවුඩයේ සඳහන් වේ. එමෙන්ම මෙම තීරණාත්මක අවධියේ ජනතාවගේ සුරක්ෂිතතාව උදෙසා සහෝදරත්වයෙන් එක්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය පණිවුඩයෙන් අවධාරණය කර තිබේ.

මහා ශිව රාත්‍රි දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අද දිනයේ දල්වන පහනෙන් සියලුදෙනාගේ ආධ්‍යාත්මය ආලෝකමත් වේවා යන්නයි.

“ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයේ දී නව අදහස් එක් කරන දකුණු ආසියාවේ ප්‍රමුඛ නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වය කැපී පෙනෙනු ඇතැයි ජපාන තානාපතිවරයා පවසයි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත් මහල් ගොඩනැගිල්ල අද (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිසු අයිතියට පත් කෙරිණ.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර  සිය ධුරයේ වැඩභාරගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය.

බුද්ධිය කේන්ද්‍ර කර ගනිමින් තරුණ ප්‍රජාව ඇතුළු සියලු ජනතාව බලගන්වා, රටේ ආර්ථිකය ගොඩනංවන බව, ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 

Latest News