(පෙ.ව 7.00)
අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද සිය ධුරයේ වැඩ බාරගැනීමට නියමිතයි.
ඒ අනූව, අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අභිනව ජනාධිපතිවරයා සිය ධුරයේ වැඩ බාර ගන්නා බවයි, වාර්තා වන්නේ. ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජන රජයේ 7වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ රුවන්වැලි මහ සෑ රඳුන් ඉදිරියේ දිවුරුම් දුන්නේය.