අමෙරිකාව, ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමට තීරණය කිරීම හේතුවෙන් දෙරට අතර පැවති මතභේදකාරී තත්වය තවදුරටත් උත්සන්න වී තිබේ.

අමෙරිකාව, ඉරාන හමුදා නායක කාසීම් සොලෙයිමානි ඝාතනය කිරීම නීති විරෝධි බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වූ මැදපෙරදිග රාජ්‍යයක් වන ඉරානය වෛරස ව්‍යාප්තිය පාලනයට පනවා තිබූ ඇතැම් සීමා ලිහිල් කිරීමට කටයුතු කර තිබේ.

කොරෝනා ආසාදිතයන් වැඩිම පිරිසක් වාර්තා වන රටවල් 10 අතර චීනය අභිභවමින් ඉරානයේ ආසාදිත සංඛයාව ඉදිරියට පැමිණ තිබේ.

ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රථම වරට යුද චන්ද්‍රිකාවක්‌ කක්ෂ ගත කරයි.

නව කොරෝනා වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින් ඉරානය එරට සිරකරුවන් 85,000කට වැඩි පිරිසක් සඳහා නිදහස ලබා දී තිබේ.

ඉරානයේ බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන් 54,000ක් නිදහස් කර තිබේ. ඒ කොවිඩ් 19 වෛරසය පැතිරයාමේ අවදානම වළක්වා ගැනීම සඳහායි.

දකුණු කොරියාවෙන්, ඉතාලියෙන් හා ඉරානයෙන් රට තුළට පැමිණෙන මගීන් සියලු දෙනා දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට රජය පියවර ගෙන තිබේ. ශ්‍රී ලාංකීකයින් හා විදේශිකයින් යන දෙපාර්ශවයම මෙම නිරෝධායන ක්‍රියාවලියට ලක් කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඉරානයේ කුමී නගරවාසීන් 50 දෙනෙකු මියගොස් තිබේ. එරට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි, මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඉරානයේ රාජ්‍ය විරෝධී කැරළිකරුවන්ට වෙඩි තැබූ බවට එල්ල වන චෝදනා එරට රජය ප්‍රතික්ෂේප කරයි.

Latest News