ඊශ්රායල් හමාස් යුද ගැටුම් හේතුවෙන් ගෝලීය බොරතෙල් මිල ඉහළ යාමේ අවදානමක් ද මේ වන විට මතුව ඇති බවයි, විදෙස් මාධ්ය සඳහන් කරන්නේ. ගෝලීය ආර්ථික සංවර්ධනයට ද බරපතල ලෙස බලපෑම් එල්ල වෙමින් පවතින බවයි, ලෝක බැංකුව ප්රකාශ කරන්නේ.
ඊශ්රායලය, ගාසා තීරයේ භූමිය ආක්රමණය කිරීමට සැලසුම් කොට ඇතැයි, විදෙස් මාධ්ය පවසනවා.
ගතවූ පැය 24 ක කාලය තුළ ගාසා තීරයට එල්ල වූ ඊශ්රායල ප්රහාරවලින් පල්සතීන සිවිල් වැසියන් 700 කට අධික පිරිසක් මියගොස් ඇතැයි හමාස් පාලන සෞඛ්ය අමාත්යාංශය පවසනවා.
ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර ඇතිවූ එකඟතාවයකින් පසුව "රෆා දේශසීමා හරහා” ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගාසා තීරයේ රෝහලට එල්ල වූ ගුවන් ප්රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 500 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. කුඩා දරුවන් බොහේ දෙනෙකු ද මිය ගිය අය අතර සිටිනවා.

දකුණු ගාසා සඳහා සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

 ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන්ගේ සංඛ්‍යාව 704 දක්වා ඉහළ ගොස් ඇති බව, ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඊශ්රායලය සහ පලස්තීන සටන්කාමී හමාස් සංවිධානය අතර, ඉකුත් සෙනසුරාදා ආරම්භ වූ යුද ගැටුම් උත්සන්න වීමෙන් දෙරටේම වැසියන් 1100 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

ඉහළ වැටුප් ලබන ඊශ්‍රායලයේ රැකියා සඳහා තවත් 21...

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින්, සිරියානු සොල්දාදුවන් සිව් දෙනෙකු අද මියගියා.

Latest News