වැසි සහිත තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් අද (24) පස්වරු 3.00 දක්වා වලංගු වන පරිදි නායයාම් පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදන දීර්ඝ කර තිබේ.

කොළඹ, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 31කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කලු, ගිං සහ නිල්වලා ගංඟාවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර පවසයි.

අත්තනගලු ඔය, කළු, කැලණි, නිල්වලා හා ගිංගග දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව තවදුරටත් අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී සුගීස්වර මහතා සඳහන් කරයි.

දිස්ත්‍රික්ක 08කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඊයේ (10) නිකුත් කළ එම නිවේදන තවදුරටත් බලාත්මක බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

Latest News