එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින්ට අද (14) සිට රැපිඩ් හා පීසීආර් පරීක්ෂණ කටුනායක ගුවන්තොටුපොළේදී සිදුකර ගතහැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කොවිඩ්-19 වෛරස අවදානම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් සිය වැසියන්ට ශ්‍රී ලංකාව, ඉන්දියාව,පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, දකුණූ අප්‍රිකාව, වියට්නාමය ඇතුළු රටවල් 14ක සංචාරය කිරීම තාවකාලිකව තහනම් කර තිබේ.

තම සංගමයේ සාමාජික රටවල් අතරේ සංචාර සිදුකිරීමට අවසර දීම කෙරෙහි යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ. එම වැඩපිළිවෙළ යටතේ අදාළ පුද්ගලයන්ට ඩිජිටල් තාක්ෂණික සහතිකයක් නිකුත් කිරීමට නියමිතයි.

Latest News