රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද පෙරවරු 8.00 සිට හෙ පෙරවරු 8.00 දක්වා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යය මණ්ඩලය අද දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතව තිබේ.

දිවයිනේ සියලුම තැපැල් සේවකයින් අද (21) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කර යළි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තිරණය කර තිබේ.

ශ්‍රී ලංගම සේවකයින් සිය ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුළු රජයේ නියෝජිතයින් පිරිසක් අද හමුවී සාකච්ජා පැවැත්වීමට නියමිතයි.

වැටුප් සහ බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලු පවතින බව පවසමින්, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය විසින් අද දිනයේ දීපව්‍යාප්තව කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබූ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගය අත්හිටුවා තිබේ.

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් පිරිසක් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අවසන් කර තිබේ.

Latest News