පන්දු යැවීමේ නව පුහුණුකරු රික්සන්

දෙසැ 08, 2018

    ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියා කණ්ඩායේ හිටපු කඩුලු රකින්නෙකු වන ස්ටීවන් රික්සන් පත්කර තිබේ. 

    නවසීලන්තයේ ටෙස්ට් සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ලබන 24 වැනිදා ඔහු එක්වන බව, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි. 

    ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වෙල්ස්වල උපත ලද ස්ටීව් රික්සන් 1977 දී ඔස්ට්‍රේයානු කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් ලබාගෙන ඇත. ඒ අනූව ඔහු ටෙස්ට් තරග 13කට සහ එක් දින තරග 6කට ක්‍රීඩාකර තිබේ.

    මේ වන විට 64 වියේ පසුවන ස්ටීවන් රික්සන් ඔස්ට්‍රේලියාවේ සිටින පළපුරුදු විශේෂඥ පුහුණුකරුවෙක් ලෙස නමක් දිනා සිටියි.   

    Last modified on සෙනසුරාදා, 08 දෙසැම්බර් 2018 13:04

    Latest News