ලෝක කුසලාන කාන්තා 20-20 පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජයක්

පෙබ 16, 2020

    ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා.

    ඒ දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 41කින්. ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගයේ පළමු පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 146ක් රැස් කළා. මැරිසන් කැප් ලකුණු 44යි. පන්දු යැවීමේදී උදේශිකා ප්‍රෙබා්ධිනි සහ චමරි අතපත්තු කඩුලු 2 බැගින් බිඳ හෙලුවා. පිලිතුරු ලෙස ශ්‍රී ලංකාව පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 105ක්. අමා කාංචනා ලකුණු 24යි. සූන් ලූස් කඩුලු 4ක් බිඳ හෙලුවා.

    Latest News