ජාතික රග්බි කණ්ඩායමේ පුහුණුවීම් තාවකාලිකව නතර කෙරුණේ මාර්තු 20 වැනි දිනයි.
මෙරට ජාතික ක්‍රීඩා සංචිතයන්හි පුහුණුවීම් යලි ආරම්භ කරන ලෙසට ක්‍රීඩා අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා අනුමැතිය ලබා දුන්නේය.
ඒ අනුව, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ කෙරුණේ, ජුනි මස පළමුවැනිදායි. ජාතික රග්බි සංචිතයේ පුහුණුව්මී ද එදින ආරම්භ කරන ලෙසට ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට දැනුම් දී තිබිණ. නමුත්, එම පුහුණුවීම් ආරම්භ කිරීමට ඔවුන්ට අවස්ථාව හිමි නොවීය. ඒ සංචිතය වෙනුවෙන් ක්‍රීඩකයින් නම්කර නොතිබීම හේතුවෙන්. ශ්‍රී ලංකා රග්බි සම්මේලනය මේ වනවිට සංචිත සඳහා ක්‍රීඩකයින් නම්කර ඇති අතර, ඔවුන් එම නම් තම නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත්කර තිබිණ.
ඒ අනුව, ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම සහ සත් සාමාජික කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සඳහා ද සංචිත නම් කර තිබේ. ඉදිරියේදී මෙම පුහුණුවීම් ආරම්භ කිරීමට හැකි බව ශ්‍රී ලංකා රග්බි සම්මේලනය පවසයි.