විනය කඩ කළාට වසර දෙකක ක්‍රිකට් තහනමක්

ජූලි 27, 2020

    බංග්ලාදේශ පළමු පෙළ ක්‍රිකට් කී‍්‍රඩකයෙකු වන කසී ඉස්ලාම්ට එරට ක්‍රිකට් ආයතනය විසින් වසර දෙකක ක්‍රිකට් තහනමක් තිබෙනවා.

    ඒ, ඔහු ජාතික කි‍්‍රකට් ලීගය අතරතුර දී තහනම් උත්තේජක ලබා ගැනීමේ සිද්ධියකට වරදකරු වීම හේතුවෙන්.

    ඔහු තහනම් උත්තේජක ලබාගත් බවට 2018 වසරේ නොවැම්බර් මාසයේ සිදුකෙරුණු පරීක්ෂණ වලින් තහවුරු වුණා.

    අනතුරුව වරද පිළිගත් ඔහුට 2019 පෙබරවාරි මාසයේ දී තාවකාලික තරග තහනමක් පැනවීමටයි එරට ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

    එම තහනම ආරම්භ වූ පෙබරවාරි 8 වැනි දින සිට වසර දෙකක් කාලයක් බලපැවැත්වෙන පරිදි බංග්ලාදේශ කි‍්‍රිකට් ආයතනය විසින් ඔහුට මෙලෙස තරඟ තහනමක් පනවා ඇත.

    Latest News