තරගය පැවැත්වුණේ අබුඩාබිහිදී.
පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 185ක් ලබාගත්තේය. ක්රිස්ගේල් ලකුණු 99යි. එයට හතරේ පහර 06ක් සහ හයේ පහර 08ක් ඇතුලත්.
නායක ලෝකේෂ් රාහුල් ලකුණු 46යි. පන්දු යැවීමේදී ජොෆ්රා ආචර් ලකුණු 26ට කඩුලු 02ක් බිඳ හෙලීය. පිළිතුරු ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 17යි, පන්දු 03කදී සිය ජය වාර්තා කළේය.
බෙන්ස් ස්ටොක්ස් ලකුණු 50යි. එයට හතරේ පහර 06ක් සහ හයේ පහර 03ක් ඇතුලත්. සංජු සැම්සන් ලකුණු 48ක් ලබා ගත්තේය.