ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටමින් ඉහළ නැංවීම වැඩසටහනේ අරමුණයි. මලල ක්‍රීඩා, බර ඉසිලීම, බොක්සිං, ජූඩෝ, බැට්මින්ඩන්, පිහිනුම්, පැරා යනාදී ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සඳහා මෙමගින් අවස්ථාව හිමිවේ.
2022 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල හා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මෙහි ප්රමුඛ ඉලක්කයක්. ඒ වෙනුවෙන් ජාතික ක්‍රීඩා සභාව සහ ඉහළ කාර්ය සාධක කමිටු ඔස්සේ සංචිත ගත කළ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගෙන් පදක්කම් ලබාගැනීම මෙහි අරමුණයි.
ගිවිසුම් ප්‍රකාරව ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සඳහා ඉදිරියේදී ජාතික ක්‍රීඩා අරමුදලෙන් රුපියල් 25,000ක පෝෂණ දීමනාවක් ද ගෙවීමට නියමිතයි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව මෙය ක්‍රියාත්මකයි. ජාතික ක්‍රීඩා සභාව සහ බහුවිද අංශවල ප්‍රවීණ වෘත්තිකයන්ගෙන් සමන්විත ජාතික උසස් දක්ෂතා කමිටුව සමඟ එක්ව වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.