මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්තාන් රෝයල් තරගය; මුම්බායි පිලට කඩුලු 7ක ජයක්

අප්‍රේ 30, 2021

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් මුම්බායි ඉන්දියන් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් ජය හිමිකර ගත්තේය.

    මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්තාන් රෝයල් කණ්ඩායම් තරග වැඳුණු අතර තරගය පැවැත්වුණේ දිල්ලිහිදී. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 171ක් රැස් කළේය.

    නායක සංජු සැම්සන් ලකුණු 42යි. පන්දු යැවීමේදී රාහුල් චහර් කඩුලු දෙකක් දවා ගත්තේය. ලකුණු 172ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 7ක් අතැතිව ජය ලබාගත්තේය.

    ක්වින්ටන් ඩිකොක් නොදැවී ලකුණු 70යි. පන්දු යැවීමේදී ක්‍රිස් මොරිස් කඩුලු 2ක් දවාගත්තේය.

    Latest News