ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවකට කොවිඩ්

මැයි 06, 2021

    ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් පිලේ වේගපන්දු යවන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබේ.

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාකිස්තාන සංචාරය ඉලක්ක කරමින් කාන්තා ක්‍රිකට් සංචිතයේ පුහුණුවීම් සිදු කර ඇත. නැගී එන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් කිහිපදෙනකු නිරෝධායනයට යොමු කර ඇතැයි වාර්තා වේ.

    අදාළ ක්‍රීඩිකාව මේ වනවිට නාවික හමුදාව භාරයේ ප්‍රතිකාර ගනිමින් සිටින බවත්, ඇගේ තත්ත්වය බරපතළ නොවන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. කාන්තා ක්‍රිකට් සංචිතයේ සියළු ක්‍රීඩිකාවන් හා කාර්ය මණ්ඩලය ජෛව බුබුළු සෞඛ්‍ය ආරක්ෂක වළල්ලක් යටතේ ඉදිරියේදී යළි පුහුණුවීම් ආරම්භ කිරිමට නියමිතයි.

    Latest News