මධ්‍යම ජපානයේ ස්ථාපනය කර ඇති පුහුණු කඳවුර තුළ මාස 2ක කාලයක් ඔවුන් පුහුණුවීම්වල නිරත වීමට අපේක්ෂිතයි. කොවිඩ් වසංගතයේ සිව්වැනි රැල්ලට මුහුණ දෙමින් සිටින ජපානයේ ප්‍රාන්ත 10ක් සඳහා හදිසි තත්වයක් ද මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.
මෙතෙක් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදී ඇත්තේ ජපාන ජනගහනයෙන් 3%ක පමණ පිරිසකට පමණි. ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වන ජපාන ක්‍රීඩා කණ්ඩායම් මේ සතිය තුළ එන්නත්කරණයට යොමු කිරීමට නියමිත බව වාර්තාවේ.