ඇය තම ටෙනිස් දිවියේ දිනාගත් පළමු ග්රෑන්ඩ්ස්ලැම් ටෙනිස් ශුරතාව මෙයයි. තරගාවලියේ අවසන් තරගය ඊයේ පැවැත්විණ. චෙක් ජාතික බාබරා ක්‍රෙජ්සිකෝවා සමඟ අවසන් තරගයට පිවිසියේ රුසියාවේ ඇනසේසියා පවුලෙන්කෝවායි.
තරගයේ පළමු වටය බාබරා ලකුණු 6-1ක් ලෙස ජය ගත්තාය. නමුත් ඇය දෙවන වටය පරාජයට පත්වුණේ ලකුණු 6-2ක් ලෙසයි. තීරණාත්මක තෙවැනි වටය ලකුණු 6-4ක් ලෙස ජයගත් බාබරා ක්‍රෙජ්සිකෝවා ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළ දිනාගත්තාය.
ඇය තම ටෙනිස් දිවියේ ලබාගත් සිව්වැනි ජාත්‍යන්තර ජයග්‍රහණය මෙයයි.