වසර 53කට පසු යුරෝ පාපන්දු කුසලානය ඉතාලියට

ජූලි 12, 2021

    යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉතාලිය සමත්වුණා.

    ඔවුන් එම කිරුළ හිමිකර ගත්තේ වසර 53 කට පසුවයි. තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා සිටියේ ඉතාලිය සහ එංගලන්තයයි. අවසන් තරගය ඊයේ පැවැත්වුණේ එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදීය. එය නැරඹීමට 70,000කට ආසන්න ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටියා.

    තරගයේ දෙවැනි මිනිත්තුවේ දී එංගලන්තය වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමට ලූක් ෂෝ සමත්වුණා. ඒ අනුව පළමු අර්ධය අවසන් වූයේ ගෝල 1ට 0ක් ලෙසයි. පසුව තරගයේ 67 වැනි මිනිත්තුවේ දී ඉතාලිය වෙනුවෙන් ලියනාඩෝ බොනුසි විසින් ගෝලයක් ලබාගත්තා. ඒ අනුව තරගය නියමිත කාලය නිමා වූයේ ගෝල 1ට එකක් ලෙස දෙපිලම සම තත්වයේ වී සිටියදී.
    අනතුරුව ජය පරාජය තීරණය කිරීමට අතිරේක කාලයක් ලබා දුන්නා. එහිදීද දෙපිලටම ගෝල වාර්තා කිරීමට හැකිවූයේ නැහැ. අනතුරුව දඬුවම් පහර මඟින් ජය පරාජය කිරීමට තීරණය කෙරුණා. ඉතාලියේ දඬුවම් පහර තුනක් සාර්ථක කරගත් අතර එංගලන්තයට සාර්ථක කර ගැනීමට හැකිවූයේ දඬුවම් පහර දෙකක් පමණයි. ඒ අයනුව යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉතාලිය සමත් වුනා.

    මීට පෙර ඉතාලියේ 1968 වසරේදී ශූරතාව හිමිකර ගෙන තිබූ අතර 2000 සහ 2018 වසරවලදී ඉතාලියේ එහි අනුශූරතාව හිමිකර ගෙන තිබෙනවා. එංගලන්තය යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.

    Latest News