ඒ, එරට ශ්‍රී ලංකාවේ තානාපති සංජීව් ගුණසේකර මහතා පැරාලිම්පික් ප්‍රධානීන්ගෙන් කළ ඉල්ලීමකට අනුවයි. තරඟ අවසන් වී පැය 24 ක් තුළ, ක්‍රීඩකයින් ටෝකියෝ පැරාලිම්පික් ගම්මානයෙන් පිටව යා යුතුය.
නමුත්, පදක්කම්ලාභී ක්‍රීඩකයින්ට සමාප්ති උත්සවයට සහභාගී වී කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමග මෙරටට පැමිණීමේ අවස්ථාව ලබාදීම සඳහා සංජීව් ගුණසේකර මහතා මෙම ඉල්ලීම කර තිබුණා. ජයග්‍රාහී ක්‍රීඩකයින් සමග ඔහු මාධ්‍ය සාකච්ඡාවකද එක් වුණා.