IPL; රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ජය

සැප් 30, 2021

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ජය හිමිකර ගත්තා.

    ඒ, රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම පරාජය කරමින්. තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. පළමුව පන්දුවට පහරදුන් රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 149ක් රැස් කළා. එවින් ලෙවිස් ලකුණු 58යි. පන්දු යැවීමේදී හර්ෂාල් පටෙල් කඩුලු 3ක් බිඳ හෙලුවා.

    පිළිතුරු ලෙස රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 17යි, පන්දුවක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 153ක් රැස් කරමින්. ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 50යි. පන්දු 30කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පහර 6ක් සහ 6 පහරක් ඇතුළත්. ශිකර් බහාට් ලකුණු 44යි. පන්දු යැවීමේදී මුෂ්ෆික රහීම් කඩුලු 2ක් දවාගත්තා.

    Latest News