ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම කඩුළු 9 ක් දැවී ලකුණු 254 ක් ලබා ගත්තේය.
පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 55 ක් සහ චරිත් අසලංක ලකුණු 52 ක් රැස් කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 70 ක් පමණයි.
පන්දු යැවීමේදී ජෙෆ්රි වෙන්ඩසේ කඩුලු 4 ක් සහ දුෂ්මන්ත චමීර හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 ක බැඟින් බිඳ හෙළීමට සමත් විය.
ඒ අනුව තරඟ තුනකින් සමන්විත ශ්රී ලංකා සිම්බාබ්වේ තරඟාවලිය තරඟ 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.