තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වුණේ කොළඹ සිටි ලීග් ක්රීඩාංගණයේදී. තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට, කොළඹ පාපන්දු සමාජය සහ මොරගස්මුල්ල ක්රීඩා සමාජය සුදුසුකම් ලබා තිබුණා. තරගයේ පළමු අර්ධයේදී ගෝල 1-1ක් ලෙස දෙපිලම සම තත්වයේ සිටියා. නියමිත කාලය අවසන් වුණේ ගෝල 3-1ක් ලෙස කොළඹ පාපන්දු සමාජයට ජය හිමිකර දෙමින්.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ජය වාර්තා කළේ, ජාවාලේන් කණ්ඩායමයි. මෙවර පාපන්දු තරගාවලියට කණ්ඩායම් 18ක් සහභාගි වුණා. අවසන් තරගය ලබන 12 වැනිදා සිටි ලීග් පාපන්දු ක්රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.