IPL අද (26) ඇරඹේ...

මාර් 26, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මුම්බායි හිදී අද (26) ආරම්භ කෙරෙනවා.

    තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 15 වැනි වරටයි. ප්‍රථමයෙන් රවීන්ද්‍ර ජඩේජාගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංස් කණ්ඩාය සහ ෂෙයාස් අයියර්ගේ නායකත්වයෙන් යුත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් තරග වැදීමට නියමිතයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහීෂ් තීක්‍ෂණ, සහ චාමික කරුණාරත්න මෙම කණ්ඩායම්වලට ඇතුලත්. කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් තරගාවලිය මැයි 29 දක්වා පැවැත්වෙනවා.

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම වාර ගණනක් ශුරතාව හිමිකර ගෙන ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වනිදු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්‍ෂණ සහ භානුක රාජපක්‍ෂ යන ක්‍රීඩකයින් සහභාගි වනවා.

    Latest News