එම තරගාවලිය 2023 වසරේ ජුනි 16වැනි දා සිට, ජූලි 16වැනි දා දක්වා චීනයේ පැවැත්වීමට නියමිතව තිබිණ. ආසියානු පාපන්දු සම්මේලනය, චීනයේ පාපන්දු සංගමය හා 2023 ආසියානු කුසලාන තරගාවලියේ චීන සංවිධායක කමිටුව ඒකාබද්ධ ව සාකච්ඡා කිරීමෙන් පසු තීරණය කර ඇත්තේ, කොරොනා වසංගත බලපෑම් හේතුවෙන් මෙම තරගාවලිය චීනය වෙනුවට වෙනත් රටක පැවැත්වීම සුදුසු බවයි.
තරගාවලිය පැවැත්වෙන නව ස්ථානය හැකි ඉක්මණින් තීරණය කෙරෙන බව ද, ආසියානු කුසලාන සඳහා වන චීන සංවිධායක කමිටු නිල වෙබ් අඩවිය අද(14) හෙළිකළේ ය.
රූපවාහිනී විශේෂ වාර්තාකරු අරෝෂා සමරදිවාකර චීනයේ බෙයිජිං නුවර සිට....