ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ, මුම්බායිහිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 133ක් රැස් කළා. රුතුරාජ් ගයික් වාඩ් ලකුණු 53යි. පන්දු යැවීමේදී මොහොමඩ් ශාම් කඩුලු 2ක් දවාගත්තා.
පිළිතුරු ලෙස ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 19යි පන්දුවක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 137ක් රැස් කරමින්. විදිමන් සාහා ලකුණු 67යි.
19 හැවිරිදි ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණ තමා යැවූ පළමු පන්දුවේදීම ෂුබ්මන් ගිල් ලකුණු 18කට දවාගත්තා. ඔහු පන්දුවාර 3යි පන්දුවකදී ලකුණු 24කට දවාගත් කඩුලු සංඛ්‍යාව 2ක්.
රාජස්තාන් රෝයල්ස් සහ ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායම් අතර තරගය ද මුම්බායිහිදී පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 178ක් රැස් කළා. යෂස්වි ජයිස්වාල් ලකුණු 41ක් රැස් කළ අතර, දෙව්දත් පඩික්කාල් ලකුණු 39යි. පන්දු යැවීමේදී රවී බිෂ්නෝයි කඩුලු 2ක් බිඳහෙලුවා. පිළිතුරු ලෙස ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රුස් කිරීමට හැකිවුයේ ලකුණු 154ක් පමණයි. දීපක් හූඩා, ලකුණු 59යි. පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට්, ප්‍රසීද් ක්‍රිෂ්ණා සහ ඔබේඩ් මැකෝයි කඩුලු 2 බැගින් දවාගත්තා.