රාජස්ථාන් රෝයල්ස් අවසන් තරගයට සුදුසුකම් ලබයි...

මැයි 28, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වුණා.

    ඒ, ඊයේ පැවති අවසන් පූර්ව තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පරාජය කරමින්. රාජස්ථාන රෝයල්ස් කණ්ඩායම තරගාවලියේ අවසන් තරගයට පිවිසි දෙවැනි අවස්ථාව මෙයයි. තරගය ඊයේ පැවැත්වුණේ, අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

    කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කලා. ඒ අනුව, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 157ක්. රාජට් පැට්ඩර් ලකුණු 58යි. නායක ෆාෆ් ඩු ප්ලේසිස් ලකුණු 25ක් රැස්කළ අතර, ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 24යි. පන්දු යැවීමේදී ප්‍රසීද් ක්‍රිෂ්නා සහ ඔබේඩ් මැකෝයි කඩුලු 3බැගින් දවා ගත්තා.

    පිළිතුරු ලෙස තරගය ජය ගැනීමට ලකුණු 158ක ඉලක්කයක් සමග රාජස්ථාන රෝයල්ස් ඉනිම ආර්ම්භ කළේ , ජොෂ් බට්ලර් සහ යෂස්වි ජයිස්වාල්. පළමු කඩුල්ල ලෙස යෂස්වි ජයිස්වාල් ලකුණු 21කට දැවී ගියා. තරගාවලිය පුරා විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ජෝස් බට්ලර් පන්දු 60කදී නොදැවී ලකුණු 106ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර10ක් සහ 6පහර 6ක් ඇතුලත්. බට්ලර් තරගාවලියේදී වාර්තා කළ සිව්වැනි ශතකය මෙයයි. සංජු සැම්සන් ලකුණු 23යි. රාජස්තාන් රෝයල්ස් තරගය ජයගත්තේ පන්දුවාර 18යි පන්දුවක් අවසානයේදී කඩලු 3ක් දැවී ලකුණු 161ක් රැස් කරමින්. පන්දු යැවීමේදී වනිදු හසරංග එක් කඩුල්ලක් දවා ගත්තා. වනිදු මෙවර අයි.පී.එල්. තරගාවලයේ තරග 16කදී කඩුලු 26ක් දවා ගනිමින් තරගාවලයේ වැඩිම කඩලු ලාභිය ලෙස පෙරමුණේ සිටිනවා.

    තරගාවලියේ අවසන් තරගය හෙට පැවැත්වෙන්නේ රාජස්ථාන රෝයල්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි.

    Last modified on සෙනසුරාදා, 28 මැයි 2022 18:11

    Latest News