යුපුන් අබේකෝන් එහදී තප්පර 10.08 ක කාලයක් වාර්තා කළ අතර මෙය ඔහුගේ මෙම වාරයේ වාර්තා කළ දෙවැනි හොඳම කාලය ලෙසයි සඳහන් වන්නේ.
මෙම තරඟයේදී යුපුන්ගේ ප්‍රතිවාදීන් අතර ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් සහ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බයින්ද සිටි අතර එහිදී යුපුන් අබේකෝන් යොහාන් බ්ලේක් වඩා තප්පර බින්දුවයි දශම 3 ක් පිටුපසින් තරඟය අවසන් කිරීම විශේෂත්වයක්.
මීටර් 100 පිරිමි ඉසව්වේ ජයග්‍රාහකයා වූයේ මහා බ්‍රිතාන්‍යයේ රීස් ප්‍රෙස්කොඩ් වන අතර ඔහු තරගය නිම කළේ තත්පර 9.93කින්.