ඒ, අමෙරිකාවේ ඔරිගන් හිදී පැවැත්වෙන තරගාවලියේ මීටර 100 ධාවන ඉසව්ව ජය ගනිමින්. ෆ්රෙඩ් කේලි තරගය නිම කළේ, තප්පර 9.86 ක කාලයක් වාර්තා කරමින්. ඔහු ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ එම ඉසව්වේ රිදී පදක්කම ද හිමි කර ගැනීමට සමත් වුණා. මීටර 100 ධාවන ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථානයන් ද අමෙරිකානු ක්රීඩකයින් දිනා ගැනීම විශේෂත්වයක්. මර්වින් බ්රර්සි ක්රීඩකයාට දෙවැනි ස්ථාන හිමි වූ අතර, ට්රෙයිවෝන් බෲමේල් ක්රීඩකයා තෙවැනි ස්ථානය දිනා ගත්තා.