මීටර් 200; ජෙරීන් රිචඩ්ස්ට සහ එලේනා තොම්සන්ට ජය... 

අගෝ 07, 2022

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 200 පිරිමි ඉසව්ව ජයගැනීමට ජෙරීන් රිචඩ්ස් සමත්වුණා.

    එහි කාන්තා ඉසව්වෙන් ජය හිමිකර ගත්තේ ජැමෙයිකා ක්‍රීඩිකා එලේනා තොම්සන් ක්‍රීඩා උලෙල එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙනවා. මීටර් 200 පිරිමි ඉසව්ව ජයගත් ජෙරීන් රිචඩ්ස් තරගය නිමකළේ, තත්පර 19. 80 කින්. එය නව තරගාවලි වාර්තාවක්. එංගලන්ත ක්‍රීඩක සර්නල් හියුච් එහි දෙවන ස්ථානය දිනාගත් අතර, ඝානා ක්‍රීඩක ජෝර්ෂප් පෝලිට තෙවන ස්ථානය හිමිවුණා.

    මීටර් 200 කාන්තා ඉසව්ව ජයගත් එලේනා තොම්සන් තරගය නිමකිරීමට ගත කළ කාලය තත්පර 22.02 ක්. එයද නව තරගාවලි වාර්තාවක්. නයිජිරියානු ක්‍රීඩිකා ෆේව ඕ‍ෆිලි එහි දෙවන ස්ථානයත් නැමීබියා ක්‍රීඩිකා ක්‍රිස්ටීන් බෝමා තෙවන ස්ථානයත් දිනාගත්තා.

    Latest News