ශ්‍රී ලංකාව, ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ අවසන් තරගයට...

සැප් 10, 2022

    ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ, අවසන් තරගයට සුදුසුකම් ලැබීමට, ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

    ඒ, හොංකොං කණ්ඩායම පරාජයට පත් කරමින්. තරගාවලිය පැවැත්වෙන්නේ, සිංගප්පූරුවේදී.  තරගයේ මුල සිටම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්, හොංකොං ‍ක්‍රීඩිකාවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළා. ප්‍රථම අර්ධය නිමා වනවිට ලකුණු සටහන දැක්වුණේ, 32 ට 15 ක් ලෙස, ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණ ගනිමින්. දෙවන අර්ධයේදී ද සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය පෙන්නුම් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්, ඉතා පහසු ජයක් හිමිකර ගත්තේ ලකුණු 67 ට 43 ක් ලෙසයි. ඒ අනුව, මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ අපරාජිත කණ්ඩායම ලෙසයි.

    Latest News