තරගය පැවැත්වුණේ, පකිස්තානයේ කරච්චිහිදී. ප්රථමයෙන් පන්දුවට පහරදුන් පකිස්තානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 කට ලකුණු 158 ක් රැස් කළා. වැඩිම ලකුණු ලාභියා මොහමඩ් රිස්වාන්. ඔහු ලකුණු 68 යි. පන්දු යැවීමේ දී ලූක් වුඩ් කඩුලු 3 ක් දවා ගත්තා . ලකුණු 159 ක ජයග්රාහි ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම අවසන් පන්දුවාරයේ දී ජය ලබා ගත්තා. ඇලෙක්ස් හේලි ලකුණු 53 යි. පන්දු යැවීමේ දී උස්මන් කාදිර් කඩුලු 2 ක් දවා ගත්තා. ඒ අනුව, තරග 7 කින් සමන්විත එංගලන්ත - පකිස්තාන් 20 යි 20 ක්රිකට් තරගාවලිය එකට බිංදුවක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය සමත් වුණා.