තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 01.00 ට ආරම්භ වන්නේ, බංග්ලාදේශයේ “සිලෙට්” අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට ක්‍රීඩා කරන්නේ වසර 14කට පසුවයි. අවසන් වරට ශ්‍රී ලංකාව ආසියානු කුසලානයක අවසන් තරගයට සුදුසුකම් ලබා තිබෙන්නේ 2008 වසරේදී.
අවස්ථා 04කදී එක්දින ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට අවසන් තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 20 – 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයක ක්‍රීඩා කරන්නේ පළමු වරටයි. අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන ඉන්දියාව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ක්‍රීඩා කරන 07වැනි අවස්ථාව මෙයයි.
මෙවර තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව තරග 04ක් ජයග්‍රහණය කළ අතර, තරග 02ක් පරාජයට පත්වුණා.
අවසන් පූර්ව තරගයේදී තියුණු තරගයකින් පසු පාකිස්තානය පරාජය කළේ, ලකුණු 01කින්. ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම මූලික වටයේදී තරග 05ක් ජයග්‍රහණය කළා. ඔවුන් අවසන් පූර්ව තරගයේදී තායිලන්තය පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තා.
අද තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් චමරි අතපත්තුගේ නායකත්වයෙන් තරගවැදීමට නියමිතයි. ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු බන්නේ, හර්මන්ප්‍රීත් කෝර් විසින්.