පකිස්තා ක්‍රීඩකයින් ඊයේ තරගවැදුණේ, සිම්බාබ්වේ කණ්ඩායම සමගයි.
තරගය පැවැත්වුණේ, ඔස්ට්‍රේලියාවේ පර්ත් හිදී. මුලින් පන්දුවට පහර දුන් සිබ්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 8 ක් දැවී, ලකුණු 130 ක් රැස් කළා. ශේන් විලියම්ස් ලකුණු 31 යි. පන්දු යැවීමේදී මොහොමඩ් වසීම් කඩුලු 4 ක් සහ ශඩාබ් ඛාන් කඩුලු 3 ක් දවා ගත්තා. අනතුරුව, පිළිතුරු ඉනිම ආරම්භ කරමින් ලකුණු 131 ක ඉලක්කයක් හඹා ගිය පකිස්තාන කණ්ඩායම තියුණු තරගයකින් පසු එක් ලකුණකින් පරාජයට පත් වුණා. ශාන් මන්ෂූඩ් ලකුණු 44 යි. මොහොමඩ් නවාස් ලකුණු 22 යි. පන්දු යැවීමේ සිම්බාබ්වේ ක්‍රීඩක, සිකන්දර් රාසා කඩුලු 3 ක් දවා ගත්තා. බැඩ් ඩෙවන්ස් කඩුලු 2යි.