පකිස්ථානය අවසන් තරගයට

නොවැ 09, 2022

    ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අවසන් පූර්ව තරගය කඩුලු 8කින් ජය ගන්නට පකිස්ථානු කණ්ඩායම සමත් වුනා . 

    සිඩ්නි පිටියේ කාසියේ වාසියෙන් මුලින් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4කට ලකුණු 152ක් රැස් කළා. නවසීලන්තය වෙනුවෙන් ඩ්‍රෙල් මිචෙල් නොදැවී ලකුණු 53යි. නායක කේන් විලියම්සන් ලකුණු 46යි. පන්දු යැවීමේදී ශහින් ෂා අෆ්රිඩි කඩුලු දෙකක් දවා ගත්තා. පකිස්ථානයට ජයග්‍රහණය සඳහා ලකුණු 153ක ඉලක්කයක් හිමිවුනා.

    පිළිතුරු ලෙස පළමු කඩුල්ලටම පන්දු 76 කදී ලකුණූ 105ක සම්බන්ධතාවයක් පවත්වමින් පකිස්ථානය කඩුලු 07ක සුපිරි ජයක් කරා රැගෙන යන්නට සමත් වූ නායක බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් පිළිවෙලින් ලකුණු 53 හා 57 බැගින් ලබා ගත්තා. 

     

    Last modified on බදාදා, 09 නොවැම්බර් 2022 17:12

    Latest News