ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ උත්සව ගැන හෙළිදරව්වක්

නොවැ 10, 2022

    ‍මෙවර ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම උත්සව 16 කට සහභාගි වී ඇති බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර හිමිව ඇත්තේ, ඉන් එක් උත්සවයක් සඳහා පමණක් බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුණ රණතුංග මහතා පවසනවා.

    පසුගියදා ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාව අතරතුරදී ඔහු මේ බව අනාවරණය කළා.

    තවද, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාව පිළිබඳව ගැටලු පවතින බවද අර්ජුණ රණතුංග මහතා පෙන්වා දුන්නා.

    මේ අතර, ජාතික නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා නොදී සමාජ මාධ්‍ය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාගේ සම්මුඛ සාකච්ඡාවක් ලබාදීම ගැටලු සහගත බව අර්ජුණ රණතුංග මහතා පෙන්වා දුන්නා.

    කණ්ඩායමේ ගැටලු පිළිබඳව සොයා බලන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රිකට් පරිපාලනයට සහ ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන්ට එහිදී උපදෙස් දුන්නා.

    Latest News